ඔබගේ පළමු ණය මිනිත්තු 10ක් තුළ නොමිලේ ලබා ගන්න!

නැවත ලබා ගන්නා ණය සඳහා දින 180ක් වන තෙක් රු.60,000ක් දක්වා

robot

ඔබට අවශ්‍ය මුදල කොපමණ ද?

රු 25 000.00
ඔබගේ ආපසු ගෙවීම: රු 25 000.00

ඔබගේ දත්ත, සුරැකිව මනා ආරක්ෂාවක් යටතේ පවතියි.

    නැවත ණය අවශ්‍ය ද?
    • 259

      95% අනුමත ණය

    • 317,246

      අයදුම්පත පිරවීම සඳහා ගතවන්නේ මිනිත්තු 5ක් පමණයි

    • 95%

      ගිණුම වෙතට මුදල් ලබා ගැනීම සඳහා ගතවන්නේ මිනිත්තු 5ක් පමණයි

    ඔබට විශාල පහසුවක් ලබා දෙමින්, අප විසින් ඔන්ලයින් ණය පහසුකම් සලසනු ලැබේ. මිනිත්තු කීපයක් තුළ, රොබෝකෑෂ් වෙතින් කිසිදු ගාස්තුවක් අය නොකර ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයනු ඇත.

    ණය සපයනු ලබන්නේ ස්වයංක්‍රීයව ය.

    • අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇත්තේ කවුරුන් ද?

    • වයස අවුරුදු 21-65 දක්වා

    • රැකියා නියුක්තික පුද්ගලයන් සහ තෝරාගන්නා ලද වෘත්තිකයන්

    • ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්

    • සියලු කටයුතු ඔන්ලයින් හරහා සිදුවේ- ඔබ නිවසින් පැමිණීමට අවශ්‍ය නැත

    • ඇපකරුගේ පැමිණීම, ලියකියවිලි සෑදීම හෝ ඇප තැන්පතු අවශ්‍ය නොවේ

    • මිනිත්තු 4ක් තුළ රු.25,000ක් දක්වා මුදලක් ඔබගේ බැංකු ගිණුම වෙත ලබා ගත හැකිය

    • මෙම සේවාව පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය වේ.

    දැන්ම අයදුම් කරන්න

    • පියවර අංක 1

      ඔන්ලයින් අයදුම් කරන්න

    • පියවර අංංක 2

      ඔබගේ ඉල්ලීම අනුමත කරගන්න

    • පියවර අංක 3

      රැකියාවේ විස්තර

    • පියවර අංක 4

      රිසි සේ භාවිත කරන්න

    ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ණය

    ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ණය

    මූල්‍යමය ස්වාධීනත්වය යනු ස්ථාවර වූ දිවියක් සඳහා වූ පදනම වේ. මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම සඳහා ඔබ බොහෝ සෙයින් මහන්සි විය යුතු බවත්, මනා ලෙස මුදල් ඉපයිය යුතු බවත් අපි දනිමු. නමුත්, මේ ආකාරයට කටයුතු කරන සෑම දෙනාම සාර්ථකත්වයට පත්වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ණය සකසා ඇත්තේ අවශ්‍ය විටෙක දී මූල්‍යමය වශයෙන් අප ස්වාධීනත්වයෙන් යුතුව කටයුතු කිරීම තහවුරු කිරීම සඳහා වේ. කෙසේ වෙතත්, බොහෝ පුද්ගලයන් ක්ෂණික ණය ලබා ගැනීමේ දී සුපරික්ෂාකාරී වන අතර, මෙම ණය විකල්පය පිළිබඳව දුර්මත ද පවතියි.

    ණයක් සඳහා ඉල්ලුම් කිරීමේ දී, එය ඉල්ලුම් කිරීමට අදාළ වන අභිප්‍රායන් සාධාරණදැයි නිශ්චය කළ යුතුය. ඔබගේ අයවැය ලේඛනයෙහි ණය මුදලේ වියදම ඔබ ඇතුළත් කළ යුතු අතර, එය ඉක්මවා යාමෙන් වැළකී සිටිය යුතුය. මනා වූ ප්‍රවේශයක් සහිතව ඔබගේ දිගු කාලීන පැවැත්ම සඳහා ඔබට ප්‍රතිලාභ සැපයීමේ හැකියාව, ණයක් සතුව පවතියි.

    ණයක් ලබා ගැනීම සඳහා පවතින වඩාත් ප්‍රකට තේරීම වන්නේ ප්‍රධාන බැංකුවක් වෙත යාමයි. ලංකා බැංකුවේ පුද්ගලික ණය මීට නිදසුනකි. නමුත් ශ්‍රී ලංකාවේ සෑම තැනකම බැංකු පිහිටුවා නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට බැංකුවක් වෙත ළඟා වීම සඳහා පැය ගණනාවක් ගමන් කිරීමට සිදුවේ. මේ හේතුවෙන්, සේවාදායකයන්ගේ වටිනා කාලය ගෙවී යන්නේ සිය වැඩකටයුතු ඉටු කරගැනීමට ඔවුන් කාලය ගත කරන පෝලිම් තුළ ය. තව ද, බොහෝ වෙහෙසදායී වූ ණය අයදුම් ක්‍රියාවලියක් ඉටු කිරීමට සිදු වීම හේතුවෙන් ජනයා බැංකු ණය සඳහා අයදුම් කිරීමට පසුබට වේ.

    නමුත්, ඔන්ලයින් ණය පිළිබඳව සලකා බලන කල්හි, එය වේගවත් සහ පහසු වේ. ඔන්ලයින් ණයක් ලබා ගැනීම සඳහා සේවාදායකයා ඉදිරිපත් කළ යුත්තේ තම හැඳුනුම් පත පමණි.

    මේ හේතුවෙන්, බැංකු ණය ලබා ගැනීමට වඩා ඔන්ලයින් ණයක් ලබා ගැනීම පහසු වේ.

    ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ණය

    ශ්‍රී ලංකාව තුළ රු.60,000ක ණය මුදලක් ලබා ගන්නේ කෙසේ ද?

    වර්තමානයේ දී, ශ්‍රී ලංකාවේ විවිධ වූ වෘත්තීයමය මූල්‍යමය විකල්ප පරාසයක් පවතියි. ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය පිළිබඳව සලකා බලන කල්හි, බැංකු, උකස් මධ්‍යස්ථාන සහ ඔන්ලයින් ණය ආදිය, ණය ලබා දීමේ ප්‍රධාන මූලාශ්‍ර ලෙස කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ දී රු.60,000ක මුදලක් ණය ලෙස ලබා ගන්නේ කොතැනින් දැයි තීරණය කිරීමේ දී මින් එකින් එක පිළිබඳව සලකා බැලිය යුතුය.

    බැංකු

    ණයක් ලබා ගැනීම සඳහා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් සඳහා වන ජනප්‍රියතම තේරීම වන්නේ බැංකු ය. බැංකු මගින්, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මත පදනම්ව, නිවාස සෑදීම, අධ්‍යාපන කටයුතු, උපාංග මිල දී ගැනීම ආදිය සඳහා විශාල තේරීම් සමුදායක පවතින පුද්ගල ණය පිරිනැමේ. කෙසේ වෙතත්, බැංකු ණයක් සඳහා අයදුම් කිරීමට දින 5ක් දක්වා වූ විශාල කාලයක් ගතවේ. මීට අමතරව, ඔබ බැංකු ශාඛාවට පැමිණීමට ද අවශ්‍ය වේ. බොහෝ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට සමත් වූ සාධාරණ අනුපාතික යටතේ ණය පිරිනැමීම, බැංකු මගින් සිදු වෙමින් පැවතිණ. නමුත්, වර්තමානය වන විට, ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය සඳහා වූ අනුපාතික කැපීපෙනෙන ලෙස ඉහළ යමින් පවතියි. බොහෝ බැංකුවලට, සහතිකකරුවකු හෝ ඇපකරුවකු සේම විශාල ලිපි ලේඛන කට්ටලයක් ද අවශ්‍ය වේ.

    උකස් මධ්‍යස්ථාන

    උකස් මධ්‍යස්ථාන විසින් ඇප ලෙස පුද්ගලික දේපල තබා ගනිමින් වේගවත් ණය පහසුකම් පිරිනමනු ලැබේ. සාමාන්‍යයෙන් ඔවුන් භාරගන්නේ ආභරණ සහ උකස් භාණ්ඩ ලෙස සැලකිය හැකි ඊට සමාන සහ වටිනා භාණ්ඩ වේ.

    උකස් බඩු ගන්නන් විසින්, ණය විමසුම් රහිතවම ක්ෂණිකව මුදල් ණයට දෙනු ලැබේ. උකස් බඩු ගන්නන් සමඟ කටයුතු කිරීමේ දී ඇතිවන ප්‍රධානතම අඩුලුහුඬුකම වන්නේ ණයක් ලබා ගැනීමේ දී අනුපාතික සාපේක්ෂ ලෙස ඉහළ මට්ටමක පැවතීමයි. උකස් මධ්‍යස්ථාන මගින් ඇපකරුගේ යළි විකුණුම් මිලෙන් 25% සිට 60%කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ණයට ලබා දේ. සේවාදායකයකු උකස් මධ්‍යස්ථානයෙන් රු, 60,000ක මුදලක් ණයට ගැනීමට සිටින්නේ නම්, ඔබගේ විකල්ප පිළිබඳව පුළුල්ව සිතා බැලීම යෝග්‍ය වෙයි. බැංකු ණයවලට සමාන ලෙස ම, උකස් මධ්‍යස්ථාන විසින් සපයනු ලබන ණයවල වාර්ෂික ප්‍රතිශතය ප්‍රතිශෝධනය කිරීමේ නිදහස ඔවුන්ට හිමිව ඇත. කෙසේ වෙතත්, උකස් මධ්‍යස්ථානයකින් මුදල් ණයට ගැනීම අතිශය වේගවත් ලෙස සිදුවන කටයුත්තක් වන මුත්, මුදල් ලබා ගැනීම සඳහා ඇපකරුවකු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. එය, උකස් මධ්‍යස්ථානවලින් මුදල් ණයට ගැනීමේ දී දැකිය හැකි තවත් එක් ප්‍රධානතම අඩුලුහුඬුකමකි. මීට අමතරව, නියමිත දිනට හෝ ඉන් පෙර අදාළ මුදල පූරණය කිරීමට සේවාදායකයා අපොහොසත් වන්නේ නම්, සම්පූර්ණයෙන්ම අනවශ්‍ය වූ උකස් භාණ්ඩය විකිණීමේ හිමිකම, පූර්ණ වශයෙන් උකස් බඩු ගන්නන් සතු වේ.

    ඔන්ලයින් ණය

    බැංකුවලට වඩා අනුපාතික ඉහළ මට්ටමක පැවතිය ද, ඔන්ලයින් ණය වසරින් වසර ජනප්‍රිය වෙමින් පවතියි. සාම්ප්‍රදායික බැංකු ණයකට වඩා ඔන්ලයින් වූ පුද්ගලික ණයක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් රුචියක් දැක්වීමට හේතු වන ප්‍රතිලාභ රාශියක් පවතියි.

    ශ්‍රී ලංකාවේ බොහෝ ඔන්ලයින් ණය මඟින්, ඔබගේ ණය අවශ්‍යතාවලට අනුකූලව නම්‍යශීලී වූ ණය මුදල් ප්‍රමාණ පිරිනැමේ. නිතරම, ඔන්ලයින් ණය ලබා දෙන්නන් විසින් හදිසි අවස්ථාවල දී මුදල් සැපයීම හා සම්බන්ධ විසඳුම් යෝජනා කරනු ලැබේ. පුද්ගලික ණයක් ඔන්ලයින් ලෙස සෙවීමෙන් විවිධ ණය යෝජනා කොතැන තිබුණ ද සොයාගැනීමේ සහ පහසුවෙන් ඇගයීමේ හැකියාව ණය ගන්නන් සතුව පවතියි. ඇතැම්විට, සිය ණය ප්‍රමාණයට හානියක් නොකරමින් ණය සැසඳුම් සිදු කිරීමට සේවාදායකයන්ව දිරිමත් කරමින් බොහෝ ඔන්ලයින් ණය දෙන්නන් විසින් පූර්ව සුදුසුකම් ක්‍රියාපටිපාටියක් පිරිනමනු ලැබේ. මීට අමතරව, ඔන්ලයින් ලෙස පුද්ගලික ණයක් ගැනීමේ දී පහළ මෙහෙයුම් පිරිවැය, පහළ පොලී අනුපාතික හටගැනීම කෙරෙහි හේතු වේ.

    රොබෝකෑෂ් යනු කුමක් ද?

    රොබෝකෑෂ් යනු, දිවයින පුරා ණය පහසුකම් සලසන, නීත්‍යානුකූල සහ බලය ලත්, ඔන්ලයින් ණය ලබා දෙන ආයතනයකි. එය, සවිස්තරාත්මක ලෙස, පරිගණකගත කරන ලද ඔන්ලයින් පෝර්ටලයක් (portal) ද ඇතුළත්ව, සියලු කාර්යයන් මනාව ඉටු කිරීම සඳහා සකසා ඇත.

    මෙමගින් සාධාරණ වූ නියමයන් යටතේ අපගේ සේවාදායකයන්ට ගුණාත්මක වූ මූල්‍යමය සේවා ලැබේ.

    සෑම ඉල්ලුම්පත්‍රයක් මත පදනම්ව, පරිගණකගත කරන ලද ණය ලබා දීමේ ක්‍රියාපටිපාටිය මගින් ස්වයංපාලක වූ තීරණ ලබා දෙනු ලබන අතර, පැය කිහිපයක් තුළ මුදල් හුවමාරු කිරීම සිදු කෙරේ. අප, අඩුම පොලියකට වේගවත් ණය පහසුකම් සලසන මෙරට ආයතනවලින් එකකි. බලයලත් ණය ලබාදෙන්නකු ලෙස, සහන නොතකා අප ආයතනය රීති සහ රෙගුලාසිවලට අනුගතව කටයුතු කරයි.

    නව පාරිභෝගිකයන් සඳහා අද්විතීය වූ දීමනාවක් ඇත. එනම්, 0%ක් සඳහා රු.5,000 සිට රු.25,000 දක්වා ලබා දෙන ණය පහසුකමයි. මීළඟ ණය මුදල මගින් පොලියක් අය කෙරෙන මුත්, ඔබට රු.60,000 දක්වා ණය ලබා ගත හැකිය.

    ඔබට හදිසි මුදල් අවශ්‍යතාවයක් පැන නගින විට,රොබෝකෑෂ් අත් හළ නොහැකිය. අවශ්‍ය මුදල් ප්‍රමාණය ක්ෂණිකව සහ පහසුවෙන් ඔබේ ගිණුමට බැර වනු ඇත.

    රොබෝකෑෂ් ඔන්ලයින් ණය ඉල්ලුම

    රොබෝකෑෂ් ණය සේවාවෙන් ප්‍රතිලාභ ලැබීම සඳහා සේවාදායකයන් අවුරුදු 21-65 අතර වයස් කාණ්ඩය තුළ සිටිය යුතුය. තව ද, තමන් ශ්‍රී ලාංකික පුරවැසියන් බවට සනාථ කිරීම සඳහා සියලු සේවාදායකයන් සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය. ස්ථාවර ආදායම් මාර්ගයක් ඇති බව සනාථ කිරීමට හැකි නම් වෘත්තියක නියැලීමට ණයගැතියන් බැඳී නොසිටී.

    රොබෝකෑෂ් වෙතින් ණයක් ලබා ගැනීම සඳහා මා ඉල්ලුම් කළ යුත්තේ කෙසේ ද?

    1. වෙබ් අඩවියේ මුල් පිටුවෙන්, ණය මුදල් ප්‍රමාණය තෝරන්න.
    2. ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර "අයදුම් කරන්න" යන බොත්තම මත ක්ලික් කරන්න.
    3. ඔබ සඳහන් කළ අංකයට කෙටි පණිවිඩයක් මඟින් සත්‍යාපන කේතයක් එවනු ලැබේ.
    4. අංකය තහවුරු කිරීමෙන් අනතුරුව, මූලික තොරතුරු සහිත කෙටි ප්‍රශ්නාවලිය පුරවන්න.
    5. බැංකු ගිණුම් තොරතුරු සඳහන් කරන්න.
    6. ඉන්පසු, ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයක් සමඟ ඔබගේ ඡායාරූපයක් උඩුගත කරන්න.
    7. ස්වයංක්‍රීය පද්ධතිය විසින් ඔබගේ තොරතුරු පරීක්ෂා කරන තුරු තත්ත්පර කීපයක් රැඳී සිටින්න.
    8. ණය අනුමත වුණි නම්, ණය ගිවිසුම අත්සන් කරන්න.
    9. සඳහන් කරන ලද අංකය සහිත බැංකු ගිණුමට මුදල් ලබා ගන්න.

    පුද්ගලික ණය ගණනය කිරීමේ පහසුකම

    රොබෝකෑෂ් පුද්ගලික ණය කැල්ක්යුලේටරය වෙබ් අඩවියේ ප්‍රධාන පිටුවෙහි පෙන්වා ඇත. ආපසු ගෙවිය යුතු මුදල කොපමණදැයි දැන ගැනීමට කැමති සේවාදායකයින් සඳහා මෙම විකල්පය ඉතා පහසු වේ. ඔබ ණය මුදලක් තෝරාගත් පසු, කැල්කියුලේටරය විසින් ආපසු ගෙවිය යුතු මුදල ඔබට පෙන්වයි. ඉන්පසු ඔබට වෙබ් අඩවියේ ලියාපදිංචි වී ණය අයදුම්පතක් පුරවා ගත හැකිය.

    රොබෝකෑෂ් වෙතින් ණය ලබාගැනීමෙන් ඇතිවන වාසි

    • පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය වූ සේවාවකි

      රොබෝකෑෂ් යනු මානව මැදිහත්වීමකින් තොරව ඔන්ලයින් ණය සපයන, පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය වූ සේවාවකි. රොබෝකෑෂ් යනු, ණය තක්සේරුව, තීරණ ගැනීම සහ පූර්ණ වශයෙන් සම සම වූ පදනමක් මත ක්ෂණික මුදල් හුවමාරු සිදු කිරීමට පහසුකම් සලසන පරිගණකගත පද්ධතියකි. මානව සාධකය මින් ඉවත්කොට ඇති හෙයින් මෙහි දෝෂ ඇතිවිය නොහැකිය. මෙම මෙහෙයුම් පද්ධතිය අතිශය නවීන වන අතර, සමාගමේ පිරිවැය අවම කරයි. ඔබහට සාධාරණ පොලී අනුපාතික ලබා දීමට අපට හැකි වන්නේ එබැවිනි.

    • මිනිත්තු 15ක් තුළ මුදල් හුවමාරුව

      ඔබට ඔබේ මුදල් හැකි තාක් ක්ෂණිකව ලැබෙනු ඇත. ඔබගේ අයදුම්පතෙහි කාර්යාවලිය සඳහා ගතවන්නේ මිනිත්තු 10ක් පමණි. එසේම, ඔබට අවශ්‍ය මුදල මිනිත්තු 15ක් තුළ අප විසින් එවනු ලැබේ.

    • ශ්‍රී ලංකාවේ අවම අනුපාතික

      සෑම අයකුගේම පහසුව පිණිස පුද්ගලික ණය සඳහා රොබෝකෑෂ් වෙතින් ශ්‍රී ලංකාවේ අවම පොලී අනුපාතික පිරිනැමේ. ණය ගැනුම්කරුවන් මුළු මුදල ලෙස නැවත ගෙවිය යුත්තේ ණය මුදල සමඟ පොලී මුදල වේ. කෙසේවෙතත්, නව ගනුදෙනුකරුවන්ට, පොලී ගාස්තු රහිතව සිය පළමු ණය මුදල ලබා ගත හැකිය.

    • ඇපකරුවන් නොමැත, වියවුල් ද නොමැත

      ගනුදෙනුකරුවන්ට ඇපකරුවන් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. මින් කාලය බොහෝ සෙයින් වැයවන බැවින් මෙම ක්‍රියාපටිපාටිය ඉවත් කර ඇත. තව ද, ණයක් ලැබීම සඳහා නැවත නැවත කෙරෙන ලේඛන සැකසීමක් වෙත යොමුවීමට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය නොවේ. හුදෙක් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන්ම ණයක් ලබා ගත හැකිය.

    • සැඟවුණු ගාස්තු නොමැත

      සාමාන්‍යයෙන්, ණයක් සඳහා ඉල්ලුම් කිරිමේ දී ගනුදෙනුකරුවා ප්‍රවේශමෙන් ණය ගිවිසුම කියවිය යුතු අතර, ගාස්තු සහ අතිරේක ගාස්තු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.අපගේ ණය සේවාවට අදාළව අයදුම් ගාස්තු නොමැත.

    • 95%ක අයදුම්පත් අනුමත කිරීම

      අපගේ අයදුම්පත් කාර්යාවලිය අතිශය වේගවත් ය. මීට අමතරව, අප 95%ක් පමණ අයදුම්පත් අනුමත කරන අතර, ඉන් අදහස් වන්නේ අප නිශ්චිතවම ඔබේ අයදුම්පත අනුමත කරන බවයි. වර්තමාන මොහොතේ දී ඔබට ඇති මුදල් අවශ්‍යතාවේ වැදගත්කම අපට මනාව වැටහේ.

    ශ්‍රී ලංකාවේ දී ඔබගේ පුද්ගලික ණය ලබා ගැනීමට ඔබට ඉඟි කීපයක්

    1. ඔබට ණය ලබා ගැනීමට අවශ්‍ය සමාගම සුපරික්ෂාකාරීව තෝරන්න

      ක්ෂණික ඔන්ලයින් ණය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයකු එම සමාගම පිළිබඳව සියලු කරුණු සොයාබැලීම විශේෂයෙන් වැදගත් වන කරුණකි. එම ආයතනය කොපමණ කලක සිට ණය ලබා දෙන්නේ ද සහ වෙනත් රටවල එහි ශාඛා තිබේ ද යන්න සොයා බලන්න. සමාගමේ හිමිකාරීත්වය දරන්නේ ජාත්‍යන්තර සමූහ ව්‍යාපාර සමාගමක් නම්, එමඟින් එහි විශ්වස්‍ය බව හැඟවේ. ඔබගේ අවසන් තේරීම සිදු කිරීමට පෙර සමාගම පිළිබඳව සමාජ මාධ්‍යවල පළව ඇති අදහස් අනිවාර්යෙන් කියවන්න.

    2. පරීක්ෂාකාරී වන්න

      ඉදිරියේ දී ඇතිවිය හැකි වියවුල් සහගත අවස්ථා අවම කරගැනීම සඳහා, යම් ණය ගිවිසුමක් අත්සන් කිරීමට පෙර, ණය හා සම්බන්ධ ලිපි ලේඛන සහ කොන්දේසි හොඳින් කියවා වටහා ගන්න. විශේෂයෙන්ම, ඔබ ආපසු ගෙවිය යුතු මුදල කොපමණ ද, කුමන කාල රාමුවක් තුළ ද, සහ ණය ගෙවීමට ප්‍රමාද වීම සඳහා පනවා ඇති දණ්ඩන ආදිය පිළිබඳව අධ්‍යයනය කරන්න.

    3. ඔබට සරිලන ප්‍රමාණයේ ණය සැලසුමක් තෝරාගන්න

      ඔබට ආපසු ගෙවිය හැකි මුදල සඳහා පමණක් අයදුම් කරන්න. ඔබගේ ණය නියමිත කාලයේ දී ආපසු ගෙවීම සඳහා ඔබගේ අයවැය ප්‍රවේශමින් යුතුව ගණනය කරන්න.

    4. නිසි කලට ගෙවීම් සිදු කරන්න

      ගෙවීම් කල් ඉකුත් වීමට ඉඩනොහැරීමට ණය ලබාගන්නන් වගබලාගත යුතුය. නියමිත කාලය තුළ ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම වැදගත් වේ. කල් ඉකුත්වූ යම් ණය මුදලක් තිබීම, අනාගතයේ දී ඔබගේ ණය අනුපාතිකවලට සේම ණය සේවා ලබා ගැනීමට ද බලපෑ හැකිය.

    • රොබෝකෑෂ් ඔන්ලයින් ණය අවශ්‍යතා

      අවුරුදු 21-65 දක්වා වයස් කාණ්ඩයේ සිටින, සක්‍රීය දුරකථන සම්බන්ධතාවක් සහිත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට, රොබෝකෑෂ් වෙතින් ණය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිය.

      අයදුම්කරු, රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් (ජාතික හැඳුනුම්පත) භාරදිය යුතුය.

    • රොබෝකෑෂ් වෙතින් ණය ලබාගැනීමේ ඇති ප්‍රතිලාභ

      රොබෝකෑෂ් ණයවල ඇති ලක්ෂණ පහත පරිදි වේ:
      1. සැගවුණු ගාස්තු, අත්තිකාරම් ගාස්තු හෝ කොමිස් ගාස්තු නොමැත.

      2. නිවාඩු දින හෝ සති අන්තයේ දින හැරුණු විට අප 24/7 විවෘත ය.

      3. පහසු ණය ඉල්ලුම් ක්‍රියාවලියක් සහ ක්ෂණික තීරණ.

      4. ණය ඉල්ලුම් කිරීමේ විවිධ ක්‍රම: වෙබ් අඩවිය සහ ජංගම දුරකතන යෙදවුම (මොබයිල් ඇප්).

      5. ණය අනුමත කිරීමේ අනුපාතිකය 90%කට වඩා ඉහළ ය.

      6. ඕනෑම කාර්‍යයයක් සඳහා ණය.

      7. නිවැරදි ණය මුදල සහ කාල සීමාව තේරීම සඳහා ඔන්ලයින් ණය ගණනය කිරීමේ පහසුකම.

      8. යම් සහතිකකරුවන් සහ ඇපකරුවන් රහිත ණය.

      9. ප්‍රතිගැනුම්කරුවන් සඳහා වඩාත් හොඳ ණය පහසුකම්.

      10. බැංකු ගිණුම් රහිතව වුව ද ණය.

      11. නැවත ණය ගෙවීම් සඳහා විවිධ ක්‍රම - බැංකු මඟින් මුදල් හුවමාරු, ප්‍රේෂණ මධ්‍යස්ථාන, Pay&Go පහසුකම

    • රොබෝකෑෂ් පළමු ණය පොලී රහිතව

      රොබෝකෑෂ් වෙතින් පළමු ණය ලබා ගැනීමේ දී රු.5,000-25,000 දක්වා ණය මුදල් සඳහා පොලියක් අය නොකෙරේ. එකම අවශ්‍යතාව වන්නේ අනන්‍යතාව සහ ආදායමයි.

      පොලී රහිත ක්ෂණික ණය පහසුකම් තිබීම, ඉපැයුම් ඇරඹූ සහ ණය ලබා ගැනීම සඳහා වාර්තා ඇතිකරන්නා පුද්ගලයන් සඳහා විශාල උපකාරයකි.

      මූලික මූල්‍යමය බැඳීම් වැළැක්වීම සඳහා, මෙම ණය මඟින් අධික පොලී අයකරන්නන් මත අධික ලෙස යැපීම අවම කෙරෙයි. එසේම, අනාගතයේ දී වඩා හොඳ ණය මුදලක් ලබා ගැනීම සඳහා ණයගන්නාට ඇති හැකියාව වැඩි දියුණු කරයි.

    • ණය පහසුකම් සලසන, ශ්‍රී ලංකාවේ ඇති හොඳම ඇප් එක කුමක් ද?

      මෙතෙක් වර්ධනය වන ශ්‍රී ලංකාවේ පුරවැසියන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීම සඳහා භාවිත කරන මූලික උපාංගය වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයයි.

      රොබෝකෑෂ් ජංගම දුරකථන යෙදවුම පරිශීලකයාට පහසුවන ලෙස, විවිධ පහසුකම් ද සහිතව මනාව නිමවා ඇත. අන්තර්ජාලය බොහෝ සෙයින් භාවිත කරන ශ්‍රී ලාංකිකයන්ට අසීමිත ලෙස ඔන්ලයින් ණය පහසුකමෙහි ප්‍රතිලාභ විඳීමට එමගින් උපකාර කෙරේ. බැංකුවෙහි දිගු පෝලිම් මගහැර ඔබගේ දුරකථනය හරහා ඔන්ලයින් ණය මුදලක් ඉල්ලා සිටීමට ඔබට අවශ්‍ය නම් අප ඔබට යෝජනා කරන්නේ රොබෝකෑෂ් සඳහා වන Android හෝ Apple ජංගම දුරකථන යෙදවුම බාගත කරගෙන එහි පහසුව විඳින ලෙසයි. පරිශීලකයන් විසින් යෙදවුම බොහෝ සෙයින් ඇගයීමට ලක් කෙරෙන අතර, එහි උපකාරයෙන් දැනටමත් මුදල් ලද අය එයට යහපත් ප්‍රතිචාර දක්වති.

    • පොලී අනුපාත ගණනය සඳහා නිදසුනක්

      සෑම අයකුටම, ණය කාලසීමාවට සහ ණය මුදල ලබා ගැනීමට හේතුවන විවිධ අවශ්‍යතා ඇත. ඔන්ලයින් වූ අපගේ ණය ගණනය කිරීමේ පහසුකම, ණය මුදල සහ කාල සීමාවේ සෑම සං‍යෝගයක් සඳහාම නිශ්චිත වූ නැවත ගෙවිය යුතු මුදල දක්වන විශේෂිත වූ මෙවලමකි.

      ආදර්ශ ගණනය කිරීමක් ගෙන බලමු.

      ඔබ රු.50,000ක් ඉල්ලා සිටින අතර, මාස 6ක දී අවසන් වන නැවත ගෙවීමක් තෝරා ගනියි. ඔබ මාසිකව ගෙවිය යුතු මුදල රු.8,948ක් වන අතර, ණය මුදලේ මුළු පිරිවැය වන්නේ මාසයකට රු.615කි (APR = 15%) *

      සම්පූර්ණ තොරතුරු දැනගැනීම සඳහා නියමයන් සහ කොන්දේසි පරිශීලනය කරන්න*

    011 2208220 අප හා සම්බන්ධ විය හැකි වේලාවන්- පෙ.ව. 8:30 සිට ප.ව. 5:30 දක්වා

    කරුණාකර, ණය ලබා ගැනීමේ කටයුත්තේ ඉදිරියට යාමට පෙර අනාවරණ ප්‍රකාශයේ (Disclosure Statement) සඳහන් නියමයන් සහ කොන්දේසි බලන්න.

    Robocash LK Services operates the website robocash.lk and is providing consulting, information, and marketing services and facilitates the loan process. Robocash LK Services is not acting as a lender or loan provider.

    සී/ස Rapidlend පුද්ගලික සමාගම

    ලියාපදිංචි අංකය: PV00235761

    නො. 4 ගීතාංජලී පෙදෙස, 5 වන මහල, කොළඹ 03

    ROBOCASH LK SERVICES (PVT) LTD.

    Registration No. PV00232134

    No.4, Geethanjalee Place, Level 4, Colombo 03

    support@robocash.lk

    © ROBOCASH 2021

    • facebook