මුල් මුදල් ප්‍රමාණය
රු 25 000.00
ඔබගේ දත්ත, සුරැකිව මනා ආරක්ෂාවක් යටතේ පවතියි.
රු. 5,000ක ණය මුදලක් ණයට ගත් අතර, ණය මුදල භාවිත කර දින 90කට පසු සම්පූර්ණයෙන්ම නැවත ගෙවන ලදී. පොලී අනුපාතය දිනකට 2.18%කි. ගෙවිය යුතු මුළු මුදල= රු, 14,810
රොබෝකෑෂ් සේවාව මඟින්, ණය සැපයීමේ ක්‍රියාවලිය හැකි තරම් සරල කිරීමට උත්සාහ කළ ද, ඔබට යම් ප්‍රශ්න තිබිය හැකිය. නිතර අසනු ලබන පැනවලට අපි ඔබට පිළිතුරු සපයන්නෙමු.
ඔබට ණයක් ලබා ගත හැක්කේ,
වයස අවුරුදු 21 - 65 අතර ශ්‍රී ලාංකිකයකු වන්නේ නම් සහ ඔබට වලංගු ජාතික හැඳුනුම්පතක් තිබේනම්.
ඔබගේ ජංගම දුරකතන අංකය අවහිර කොට නැත්නම්
ඔබ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් ය.
ඔබ ඔබගේ පළමු ණය මේ වනවිටත් සම්පූර්ණයෙන් ගෙවා ඇති විට, ඔබට අපගේ වාරික ණය ලබා ගත හැකිය. නැවත ණය ලබා ගන්නන්ට පමණක් අපගේ වාරික ණය ලබා ගත හැකිය.
අපට අවශ්‍ය වන්නේ වලංගු ජාතික හැඳුනුම්පතකි.
නැවත ණය ලබා ගන්නන්ට අපගේ වාරික ණය ලබා ගත හැකි අතර, ඔබ මේ වන විටත් නැවත ණය ලබා ගන්නකු නම්, වැඩිදුර තහවුරු කිරීම්වල දී අවශ්‍ය වුවහොත් මිස ඔබ කිසිදු ලේඛනයක් සැපයීමට අවශ්‍ය නොවේ. නැවත ණය ලබා ගන්නන්ට ස්වයංක්‍රීයව අනුමත කෙරෙනු ඇත.
ඔබට රු. 5,000 සිට රු. 25,000 දක්වා මුදලක් ණය ලෙස ලබා ගත හැකිය.
ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක දී ඔබට මේ සඳහා අයදුම් කළ හැකිය. www.robocash.lk යන අපගේ වෙබ් අඩවිය හරහා හෝ Google Playstore හි ඇති අපගේ යෙදවුම හරහා ඔබට ඔන්ලයින් අයදුම් කළ හැකිය.
ඔබ අයදුම් කිරීමට පෙර, නැවත ගෙවිය යුතු මුදල ගණනය කිරීමේ පහසුකම තුළින් ලබා ගත හැකිය.
ඔබට ණයට ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය සහ ණය කාල පරිච්ඡේදය මත පොලී අනුපාතය තීරණය වේ. ඔබ නිසි කලට ගෙවීම් සිදු කරන්නේ නම් වෙනත් ගාස්තු ගෙවිය යුතු නොවේ.
එය සංකීර්ණ කාරණයක් නොවේ. අවශ්‍ය දත්ත, මුදල් ප්‍රමාණය සහ ඔබට මුදල් ලැබෙන ආකාරය ආදී කරුණු ආකෘති පත්‍රයේ "field" තුළට ඇතුළත් කරන්න. කෙටි පණිවිඩය මඟින් ලද කේතය හරහා ගිවිසුම අත්සන් කරන්න. රොබෝකෑෂ්, වහාම ඔබට මුදල් එවනු ඇත.
ගිවිසුම් අත්සන් කළ වහාම ඉල්ලුම් කරන ලද ප්‍රමාණය ගෙවනු ලැබේ. මුදල් ලැබීමේ වේගය ඔබගේ බැංකුව මත රඳා පවතින අතර එය දින 1 සිට 2 දක්වා පමණ වේ.
සෑම ගනුදෙනුකරුවකු සඳහාම රොබෝකෑෂ් විසින් සීමා පනවනු ලැබේ. මෙම සීමා අතර සිට ඔබට එක් ණයකට වඩා ණය මුදල් ලබා ගත හැකි අතර, ඒ, පෙර දී ලබා ගත් ණය සඳහා ඔබට නියමිත ගෙවීම් සිදු කිරීමට නොමැති නම් ය.
පෙර ණය මුදල් පියවූ වහාම <<රොබෝකෑෂ්>> විසින් ස්වයංක්‍රීයව මුදල ඉහළ දමනු ලැබේ. පෙර ණය මුදල් ගෙවා අවසන් කළ වහාම මීළඟ ණය මුදල ඔබ සඳහා විවෘත වනු ඇත.
ඔබගේ පුද්ගලික ගිණුම සහිත කොටසේ ඔබට අදාළ තොරතුරු දිස්වනු ඇත. ආකෘති පත්‍රය පුරවා අවසානයේ දී තොරතුරු එහි දර්ශනය වන අතර "Robot" විසින් ක්ෂණික වූ තීරණයක් ලබා දෙනු ඇත. අයදුම්පත අනුමත වන්නේ නම්, කෙටි පණිවිඩ කේතය ඇතුළත් කිරීමෙන් ගිවිසුම තහවුරු කිරීමට අවශ්‍ය වේ.
ගිවිසුම තහවුරු කිරීමෙන් අනතුරුව වහාම අපි ඔබ ඉල්ලුම් කළ මුදල ලබා දෙන්නෙමු. මීළඟට, එය රඳාපවතින්නේ ඔබේ බැංකුව මත ය. සාමාන්‍යයෙන් මුදල් හුවමාරුව සඳහා දින 2 ක් දක්වා වූ කාලයක් ගත වේ.
ඔබගේ දුරකථනය "restart" කරන්න. තවමත් ඔබට පණිවිඩ නොලැබෙන්නේ නම්, දුරකථනයේ "memory" කොටස පරීක්ෂා කරන්න. එය "memory full" තත්ත්වයේ පසු වන්නේ නම්, අනවශ්‍ය කෙටි පණිවිඩ කීපයක් මකා දමා දුරකථනයේ ඉඩ ප්‍රමාණය සාදාගන්න. ඔබගේ ගිණුමේ ශේෂය සහ කෙටි පණිවිඩ සේවාවේ "setting" කොටස පරීක්ෂා කර බලන්න. මෙම කටයුතු සිදු කොට නැවත කෙටි පණිවිඩයක් එවන ලෙස වෙබ් අඩවිය තුළට ගොස් ඉල්ලා සිටින්න. තවමත් ඔබට පණිවිඩ නොලැබෙන්නේ නම්, ඔබගේ ගැටළුව, ඔබගේ දුරකථන අංකය, සහ දුරකථන මෙහෙයුම්කරු සඳහන් කොට support@robocash.lk වෙත පණිවිඩයක් එවන්න.
අවාසනාවට, මෙම අවස්ථාවේ දී, ඔබට මුදල් නොලැබෙනු ඇත. ඒ, සඳහන් කර ඇති හැඳුනුම්පත් දත්ත වලට ඔබගේ ගිණුම් අංකය නොගැලපෙන බැවිනි. එවනු ලබන මුදල් සති 2 ක් තුළ රොබෝකෑෂ් සේවාව වෙත ආපසු එනු ඇත. ඉන් පසුව, පොලී හෝ කොමිස් රහිතව ණය අවලංගු වේ. නිවැරදි බැංකු ගිණුම් තොරතුරු යොදා ඔබට නව අයදුම්පත්‍රයක් පිරවිය හැකිය. කරුණාකර, ඔබ ඇතුළත් කරන පුද්ගලික තොරතුරු ප්‍රවේශමින් පරීක්ෂා කර බලන්න.
ගිවිසුම අත්සන් කරන මොහොත දක්වා මෙය සිදු කළ හැකිය. අත්සන යෙදීමෙන් අනතුරුව, වහාම මුදල් යවනු ලැබේ. මෙම අවස්ථාවේ දී අවම වූ පොලියක් සහිතව ඔබට කලින්ම ණය නැවත ගෙවිය හැකිය. robocash.lk පාරිභෝගික සේවාවෙන් හෝ ඔබගේ පුද්ගලික ගිණුමෙන්, ඔබ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පරීක්ෂා කළ හැකිය. ඔබ තවමත් ගිවිසුම තහවුරු කර නොමැතිනම්, support@robocash.lk වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
ගිවිසුම තහවුරු කිරීමෙන් තත්පර කීපයක් තුළ අපි ඔබට මුදල් එවන්නෙමු. එතැන් සිට, සියල්ල රඳා පවතින්නේ ඔබගේ බැංකුව මතය. පැය 8.00 සිට 16.00 දක්වා වන වැඩ කිරීමේ පැය තුළ දී සතියක් ඇතුළත ඔබට මුදල් ලැබීම අපේක්ෂා කළ හැකිය. අයදුම්පත රාත්‍රී කාලයේ දී අනුමත වන අවස්ථාවල දී පසු දින උදෑසන දී මුදල් ලබාගත හැකිය. සති අන්තවල දී අනුමැතිය ලැබෙන්නේ නම්, සඳුදා දින උදෑසන ඔබට මුදල් ලැබේ.
ඔබ නිසි කලට ගෙවීම් කරන්නේ නම්, <<රොබෝකෑෂ්>> නිසැකවම සාධාරණිය වූ තීරණයක් ගනු ඇත.
ඔබ නෛතික වශයෙන් පිළිගත් වයසේ සිටින්නේ නම්, නියමිත කලට ණය ගෙවීම් නිතරම සිදු කරන්නේ නම්, එහි දෝෂයක් පැන නැගී තිබීමට ඉඩ ඇත. අයදුම්පත්‍රය නැවත වරක් පුරවා එවීමට උත්සාහ කරන්න. ඔබ පුද්ගලික දත්ත වැඩි ප්‍රමාණයක් දක්වන්නේ නම්, ඔබගේ අයදුම්පත අනුමත වීමට වැඩි ඉඩක් ඇත.